Sunday, November 15, 2015

සතියේ ලග්න පලාපලය - නොවැ 16 - 23

● මේෂ
ශුභ සතියකි.
ආර්ථික වශයෙන් ගත්කල මෙම සතිය පුරාවටම ඔබගේ ආදායම් මාර්ග යම්කිසි හොද මට්ටමක පවති. සතිය ආරම්භ වන්නේ භාග්‍යස්ථානය වන 9 වැන්නේ සඳු සිටිමෙන් නිසා දියුණුවට උදව් උපකාරද, අමතර ආදායම් මාර්ග ඇතිවීමද, ලැබෙන්නට නියමිත මුදල් ලැබීමද සිදුවේ.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වන අතර, වැඩිහිටියන්ට සැලකීමටද ගෙදර අයට සැලකීමටද හැකියාව ලැබේ. සතිය අගදි දුරගමනක් යෙදිමට පුලුවන්.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැහැ. අතපය අමාරු වලින් ප්‍රවේසම් වන්න.

● වෘෂභ
ඉතාම ශුභ සතියකි.
අතපසු වූ බොහෝදේ මෙම කාලයේදී සපුරා ගැනීමට පුලුවන්. ඒ සම්බන්ධව ගැටළුවක් ඇත්තෙත් නැහැ. දුන් ණය තුරුස් ලැබෙනවා. එසේම ආර්ථික වශයෙන් ඔබට වැදගත් වන අලුත් ව්‍යාපාර කටයුතු වලට සුබ කාලයකි. සතිය අගදී තමාට බොහෝ හිතවත් යාළුවෙක් මුණ ගැසේ.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව සිටින කාලයකි. නිවසට අමුත්තන් පැමිණෙනවා. ස්වාමි-භාර්යාව අතර  ප්‍රේමය දළුලනවා. සිත ප්‍රීතිමත්ව තිබෙන කාලයකි.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැහැ. සෙම් රෝග ඇති අය මේ වර්ෂා කාලය තුල පරිස්සම් වන්න.


● මිථුන
සමඵල සතියකි.
සතියේ මුල් දින කීපයෙදි ඔබට තරමක ආදායම් තත්ව වල අඩු වැඩිවිම් ඇතිවිය හැකියි. ඊට හේතුව ඔබ ණයතුරුස් ගැනිමට පෙළඹීමයි. ඒවා ඔබ කළමනාකරණය කරගන්න. සතියේ මුල් දින 2, 2හමාර පරිස්සම් වුවොත් ඉතිරි දින වලදි සෙතක් ශාන්තියක් සැලසෙනවා නොඅනුමානයි.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගතවන සතියකි. එසේම ඔබට ආදායම් මාර්ග සරු නිසා මේ සතියෙදි දරු පවුල වෙනුවෙන් යම්කිසි දෙයක් කිරිමට පුලුවන්.
සෞඛ්‍ය තත්වය ප්‍රබල ගැටළු නැත. ඔබ හොදින් සිටිනවා, සියලු කටයුතු සාර්ථක වෙනවා.


● කටක
සමඵලයි.
විචල්‍ය ආර්ථිකයක් තියෙන්නෙ. සතියේ මුල් දවස් 2හමාරෙදි හවුල් ව්‍යාපාර හරියනවා, සාර්ථක වෙනවා. වෙළදාම් කරන අයට හොදයි. සතිය මැදදිත් පරිස්සම් විය යුතුයි, ණය තුරුස් වලට හසුවිය හැකියි. සතිය අගදී කටයුතු සාර්ථක වනු ඇත.
ගෘහ ජිවිතය මුල් දින වලදි යහපත්ය. මංගල යෝග උදා වෙනව. ඔබ ගැන හොද පැතිරෙනවා. සතිය මැදදී ඔබගේ යම් යම් කරදර බාධක නිසා ගෘහ ජිවිතය අඩාල වෙන්න පුලුවන්.
සෞඛ්‍ය තත්වයේ සංකූලතා තියෙනවා, නිදන්ගත රෝග ඇති පරිස්සම් වන්න. මානසික ආතතියෙන්ද මිදෙන්නට කටයුතු කරන්න.



● සිංහ
සාමාන්‍ය සතියකි.
මේ සතියෙදි කරන කටයුතු සාර්ථක වෙන ගතිය අඩුයි. තවද සතිය පුරාවට ඔබට ණයවීමට ඉඩ තිබෙනවා. ප්‍රවේසමෙන් සිටිය යුතුයි.
ගෘහ ජිවිතය වශයෙන් ගත්කල අඹුසැමියන් වශයෙන් යම් යම් ආරවුල් ඇතිවිමට පුලුවන්. එසේම හිත් නොහොදකම් ඇතිවිමටත් පුලුවන්. ඒ ගැන කල්පනාවෙන් සිටිම මැනවි.
සෞඛ්‍ය තත්වයේ බඩේ අමාරු, උෂ්ණාධික රෝග, හිසේ කැක්කුම් ආදිය ඇතිවිමට ඉඩ ඇත, මානසික සමබරතාවය ගැනද සැලකිලිමත් විය යුතුය.


● කන්‍යා
සමඵල සතියකි.
ඔබට සතිය මුලදි තිබුනු ප්‍රබෝධය සතිය අගදී, ඔබගෙන් ඉවත් වෙන්නට ඉඩ තිබෙනවා. ඒ ගැන ඔබ සැලකිලිමත් විය යුතුයි. එසේම ආර්ථික තත්වයේ ප්‍රබල අවාසි ඇතිවිමට පුලුවන්, බුද්ධියෙන් යුතුව කටයුතු කරන්න.
ගෘහ ජිවිතය සතියේ මුලදී පවුලේ සාමාජිකයන් සමග ප්‍රීතිමත්ව සිටිමට පුලුවන්. ඉන්පසුවද ඔවුන් සමග, ඔවුන්ගේ කටයුතු වලට වැඩි අවධානයක් යොමු කිරිමටත් සිදුවේවි. සතිය අගදී ඔබගේ කාර්යබහුලකම නිසා ඔබට පවුලේ අය සමග ගතවන කාලය අඩුවේවි.
සෞඛ්‍ය තත්වය ගත්තම, පපුවේ සෙම් ගතිය, උදරාබාධ ආදියෙන් පරිස්සම් වන්න.


● තුලා
මේ සතිය ඉතාම හොද සතියක්.
මේ සතිය ඇතුලතදී ඔබගේ හැකියාවෙන් ඔබට උපරිම ප්‍රයෝජන ගත හැකියි. එය ආරථික වාසි වලට විශේෂයි. රැකියා සහ වෙළදාම් කරන අයට ඉතාම හොදයි.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත වෙනවා. ඔබගේ මංගල යෝග උදාවෙන සතියක් මේ සතිය. අලුත් ඥාති මිතුරුකම් ඇති වෙනවා. පවුලේ අය සමග විනෝදයෙන් සිටිය හැක.
සෞඛ්‍ය තත්වයේ ගැටළු නැ, පපුවේ සෙම ගැන සැලකිලිමත් වන්න.


● වෘශ්චික
ඉතාම සුභ සතියක්.
මේ සතිය ඇතුලතදි ආදායම් මාර්ග දියුණු වේ. අලුත් ආදායම් මාර්ග වලට හිත යොමුවේ. ඔබට නව ව්‍යාපාර කටයුතු වලට උපකරණ හෝ වාහන මිලදි ගැනීමට මේ කාලය හොදයි, වෙන අපලයක් නැහැ.
ගෘහ ජිවිතය තුල තිබුනු බොහෝ අර්බුද තත්වයන් මේ සතිය ඇතුලතදී අහවර වන බව පෙනී යනවා. පවුලේ දුවාදරුවන් සමග ඉතාම ප්‍රීතියෙන් සිටිමට පුලුවන් කාලයක්, මේ සතිය ඇතුලත ඔබ ඉතාම වාසනාවන්ත ආකාරයට කටයුතු කරාවි.
සෞඛ්‍ය තත්වයේ සෙම් රෝග විශේෂයි, මේ කාලයේ පවතින වැස්සෙන් ආරක්ෂා වීම අනිවාර්යයි.



● ධනු
ඉතාම ශුභ සතියකි.
ඔබගේ ලග්නයට චන්ද්‍රචාරය අනුව මල්පිටමල් එන කාලයකි. කරන කියන සියලුම කටයුතු සාර්ථක වේ. වෙලදාමේ නියුතු අයට ජනප්‍රියතාවය නිසා අාදායම වැඩි වෙනවා. රැකියා කරන අයට ප්‍රධානින්ගේ ප්‍රශංසා නිසා වඩා හොදයි.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතියෙන් ගත වෙනවා. මංගල යෝග උදා වෙනවා. කරන කියන කටයුතු හරියනවා.. අලුත් ඥාති හිතවත්කම් ගොඩනැගනෙවා. සිත සතුටින් පිරෙනවා. ඔබට සුබයි.
ගැටළු නැහැ සෞඛ්‍ය තත්වයේ සෙම් රෝග සහ නිදන්ගත රෝග ඇති අය පරිස්සම් වන්න.


● මකර
හොඳ සතියකි.
ප්‍රියමනාප වදනින් යුතු ඔබට ආදායම් තත්ව වැඩිවන්නේ ඔබගේ වාසනාව නිසයි. අලුත් ආදායම් මාර්ග වලට හිත යනවා. වෙලදාම් කටයුතු දියුණු වෙනවා. අලුත් විදියට දෙයක් කල්පනා කර බලා කටයුතුකිරිමට හොද කාලයකි. සිතට ප්‍රිතිය තිබෙන කාලයකි. වෙළද කටයුතු සහ රැකියා කරන අයට වාසනාවන්තයි.
ගෘහ ජිවිතය හොදයි මංගල යෝග උදා වෙනවා. අලුත් ඥාති මිතුරුකම් ඇතිවෙනවා.
ප්‍රබල සෞඛ්‍ය ගැටළු නැහැ. දණිස් අමාරු, කකුල් අමාරුව ආදිය ගැන පරිස්සම් වන්න.


● කුම්භ
සමඵල සතියකි.
කුම්භ ලග්නයේ ආර්ථික තත්වය තරමක විචල්‍යයි. ආදායම සහ වියදම අතර, යම් පරතරයක් ඇති වෙනවා. එනම් වැය පක්ෂය සතිය මැදදී ඉතාම ඉහල යනවා. ප්‍රවේසම් විය යුතුයි. නමුත් සතිය අගදි ඒවා හරියනවා, මුදල් ලැබෙනවා. ඒවා හරියට කළමනාකරණය කරගැනිම ඔබ සතු වගකීමයි.
ගෘහ ජිවිතය ඉතාම හොදින් ගත වෙනවා. කෙසේ වෙතත් අඹුසැමි ප්‍රේමය දළුලන සතියක්. දරුවන් බලාපොරොත්තු වන ඔබගේ ඒ පැතුම් ඉටු වෙනවා. සතිය මුලදි ගෙදරට නෑදෑ හිත මිතුරන් පැමිණෙනවා. සතිය අගදීත් යම් කාර්යබහුල වීමක් නිසා ගෙදරින් පිටවීමක් පෙන්නුම් කරනව.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැහැ, ඔබටද පාදවල අසනීප, සෙම් අමාරු, ඇඟපත වේදනාව දකින්ට පුලුවන්.


● මීන
සමඵලයි.
සතිය මුලදි ආර්ථික තත්වය දියුණු වෙන ලක්ෂණ පෙන්නුම් කරනවා. ඥාති හිතමිතුරන්ගෙන් දියුණුවට උදව් උපකාර ලැබෙනවා සේම අලුත් කටයුතු ආරම්භ කිරිමට ශුභදායක කාලයක්. නමුත් සතිය අගදි මේ තත්වය වෙනස් වි වැය පක්ෂය ඉහල යාමට පුලුවන්. ණය ගන්නට සහ ණය දෙන්නට ඔබට සිත් වෙනවා. ලොකු ආර්ථික ප්‍රශ්න වලින් ඔබව පෙලීමට පුලුවන්, ප්‍රවේසම් වන්න.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වෙනවා. ඥාති මිතුරන් ආදින් සමග ඇසුර වැඩි වෙනවා. මංගල යෝග උදාවන මේ සතියෙදි ඔබගේ සියලු කටයුතු සාර්ථක වෙනවා. හොදයි.
සෞඛ්‍ය තත්වය ප්‍රබල ගැටළු නැහැ, සෙම් අමාරු සම්බන්ධව විශේෂ අවධානයෙන් සිටින්න.









මහා බ්‍රහ්ම


Wednesday, November 11, 2015

තේරුම් ගන්න !!



ජීවිතය කියන්නේ එකිනෙකට සම්බන්ධ සිද්ධි දහස් ගණනක් තියෙන දෙයක්.... එතනදි සතුට වගේම දුකත් අපට ලැබෙනව...
එහිදි ප්‍රේමයක් බිඳ වැටෙන අවස්ථාවක් ඉතාම සුවිශේෂීව දැනෙන දෙයක්.

●  ආදරය කියන පොදු මාතෘකාව යටතේ ඇති ප්‍රේමය, දෙදෙනෙක්ට සුවිශේෂී වූ දෙයකි.
එතුල මෛත්‍රිය, රාගය, අවබෝධය, විශ්වාසය, කැපකිරීම සහ පරිත්‍යාගයන් යනාදි බොහෝ දේ ගැබ්ව ඇත.

●  තරුණ වයසේදි පමණක් නොව, කුමන වයසකදී වුවද ප්‍රේමයක් බිඳ වැටීම, දෙදෙනා වෙන්විම හෝ එවන් සිතිවිල්ලක් පවා ගෙන දෙන්නේ දැඩි වේදනාවකි, කම්පාවකි...
යුරෝපයේ කියන විදියට, කිසිදු මන්ත්‍රයකට යටත් කරන්නට බැරි එකම දෙය  “ ප්‍රේමයයි“

●  ප්‍රේමයක් බිඳුනු විටදී ජිවිතය ගැන දැනෙන්නෙ මහ කලකිරිමකි, කම්පාවකි, කණගාටුවකි.
සරලවම කිවහොත් මහා හිස් බවකි.
* ලෝකයේ තවත් කිසිදු ප්‍රීතිමත් දෙයක් නැති බවක් සිතට දැනෙනු ඇත. විටෙක ජිවිතය ගැන එපාවීමක් පවා සිතේ.
එනම් ප්‍රේමය කල කෙනාට වඩා හොද හෝ සමාන කෙනෙක් ලෝකයේම නැති බවය...
- එය එසේ වන්නටද පුලුවන...

●  නමුත් ප්‍රේමය සැබවින්ම අවසන් නම් අප කල යුත්තේ, විකල්ප සෙවීමටය.
ලෝකයේ එවන් හොඳ කෙනෙක් නැති වුවද ඒ හා සමාන කෙනෙකු ගැන සිතන්නට අපට සිදුවනු ඇත. කල යුත්තේද එයයි.

●  තරුණ කාලයෙදි ලෝකයේ ඉතාම යහපත් තරුණයා/තරුණිය වෙන්ම යැමෙන් සිත් වේදනාවට පත් බොහෝමයකට පසුකාලීනව ඉතාමත්ම ගුණයහපත් ස්වාමියෙක්/බිරිඳක් ලැබේ.
එවිට, අතීතයේ ජිවිතය ගැන පවා නොසිතා විශ්වාස කල ආදරයක කල පෙම්වතා/පෙම්වතිය ගැන මතක් වෙන විටද ඇතිවන්නේ ලැජ්ජාවකි.
- මෙය අප අත්දැකීමෙන් දන්නා කාරණාවකි.

●  ප්‍රේමය නැතිවු විටදි ලෝකය නැතිවූවායැයි දැනෙන තරුණ අය බොහෝය.
එතරම් සුන්දර කෙනෙක් තමන්ට ගැලපෙන කෙනෙක් නොමැති වීම ගැන ලත වුවද, වසර කීපයකදි එම තරුණයා/තරුණියගේ නපුරුකම්, රළු-දැඩි ගති, සමහරවිට අසංවරකම් හෝ වෙනත් වැරදි කටයුතු ගැන මතක් වීමේදි සිතට දැනෙන්නේ තවත් ලැජ්ජාවකි - දුකකි.

තවද එම තැනැත්තා/තැනැත්තිය විවාහ කරගත් කෙනා එම වැරදි, අයහපත් ගති ඉවසීමට බැරිව සියදිවි නසාගත්තා යැයි සිතන්න.
එසේ වුවොත් ඔබට කුමක් සිතේවිද ?

“ මම බේරුනා “ කියා නොවෙද... ?

ඒවනවිට ඔබට ගුණයහපත් බිරිදක්/ස්වාමියෙක් හමුවී තිබුනොත් කුමක් සිතේවිද ?
ඔබට යහපත උදාවි ඇති බව තේරෙනු ඇති නේද... ?

●  එනිසා තේරුම් ගන්න සෑම විපතකම, කරදරයකම නොසිතන ආකාරයේ ආශිර්වාදයන් ගැබ්ව තිබේ.
එයම ජිවිතය යහපත් වන්නට ඔබට හේතු වාසනා වනු ඇත.

යහපත් වන්න, යහපත්ව සිතන්න, කටයුතු කරන්න, ජිවිතය යහපත් කරගන්න.

තෙරුවන් සරණයි !

#IruAstrology #ඉරු #ජිවිතය #අත්දැකිම්

irusewaya@gmail.com
0711 345364

Karma - 01


Monday, November 9, 2015

සතියේ ලග්න පලාපලය - නොවැ 9 -16

● මේෂ
සමඵල සතියකි.
ආර්ථිකය විචල්‍යය වූ එකකි මේ සතියට. සතිය ආරම්භයෙදි අතපසු වන වැඩ සතිය අගදි ඉෂ්ට සිද්ධ කරගැනිමට පුලුවන්.
ගෘහ ජිවිතය කල්පනාවෙන් ගත කල යුතුය. අඹුසැමියන් අතර ප්‍රශ්න උපද්‍රව ඇතිවිමට හේතු ඇතිවිය හැක. බුද්ධිමත් වන්න.
සෞඛ්‍ය තත්වයේ නිදන්ගත රෝග ඇති අය, ආමාශගත රෝග ඇති අය පරිස්සම් වන්න. ඇඟපත වේදනාව ප්‍රදානයි.


● වෘෂභ
සමඵලයි.
ආර්ථික තත්වය සතියේ මුල් දින කීපෙයදි හොදයි. අගදි ඉතාම දරුණු වෙනවා. ණය තුරුස් ඇතිවිමටද හේතු විය හැකියි. තමාගේ කටයුතු වලට බාධක ඇතිවිමට හේතුයි. බුද්ධිමත් වන්න.
ගෘහ ජිවිතය අඹුසැමියන් අතර භේද ඇතිවිය හැක. ප්‍රේම සබදතා වලට බාධා, විවාහ ස්ථිරවීම් වලට බාධා ඇතිවිය හැක. ඉතා ඉවසීමෙන් කටයුතු කරන්න.
සෞඛ්‍ය ගැටළු ලෙස සිත කලබලවීම්, ඇඟපත වේදනා ආදිය ගැන සැලකිලිමත් වන්න.


● මිථුන
සමඵලයි.
සතියේ මුල් දින කීපයෙදි ආර්ථික වාසි සැලසේ. භුමි ලාභ ලැබේ. ව්‍යාපාර කටයුතු දියුණු වේ. ආර්ථිකය සතිය අගදී ඔබ ප්‍රවේසම් විය යුතුයි.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වේ. පවුලේ අය සමග වැඩි කාලයක් ගත කල හැක. දරුවන් සමග විනෝද විය හැක, දරුවන්ගේ ජයග්‍රහණ ගැන සතුටු විය හැක.
සෞඛ්‍ය තත්වය අයහපත් වන්නේ සතිය අගදි විය හැක. සෙම් අසනීප වැඩිවිමට, පාද වල වේදනා, යටි බඩේ වේදනා ආදිය ඇතිවිය හැක, පරිස්සම් වන්න.

● කටක
ශුභ සතියකි.
මේ සතියේදි ආර්ථික තත්වය දියුනු වෙනවා. නව වෙලද ව්‍යාපාරික කටයුතු ඇතිවේ. රැකියා කරන අයටද, ව්‍යාපාර කටයුතු කරන අයටද හොදයි. තමාගේ හොද නම හැමතැනම පැතිරෙනවා. උරුමහරුමකම් ලැබෙන කාලයකි.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත වෙනවා. ඔබට හොද කාලයක්. නිවසට නෑදෑ හිතමිතුරන් එනවා, අලුත් ඥාති මිත්‍ර සබදතා ගොඩනැගෙනවා. මංගල යෝජනා ලැබෙනවා. ප්‍රීති උත්සව යෙදේ.
සෞඛ්‍ය තත්වයේ ගැටළු නැහැ, පපුවේ සෙම ගැන විමසිලිමත් වන්න.


● සිංහ
ශුභ සතියකි.
ධන ධාන්‍ය තත්වය දියුණු වේ. ආර්ථික වාසි සැලසේ. දුර පලාත් වල කරන රැකියා, ව්‍යාපාර කටයුතු සාර්ථක වෙනවා. විදේශ රැකියා වල නියුතු අයටද ඉතා හොදයි. මේ සතියෙදි අලුත් දෙයක් කිරිමට සිත යොමු වෙනවා. ඒ ගැන කටයුතු කරන්න.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වේ. අඹුසැමි ප්‍රේමය ඇතිවේ. දරුවන් සමග ප්‍රීතියෙන් සිටිනවා. මංගල යෝග උදා වේ. කලක සිට බලාපොරොත්තු වි සිටි දෙයක් ඉටු වෙන ලකුණු දැනෙනවා.
සෞඛ්‍ය තත්වය ප්‍රබල ගැටළු නැහැ, සෙම් රෝග ගැන සැලකිලිමත් වන්න.


● කන්‍යා
ශුභ සතියක්.
ආර්ථිකය දියුනු වේ. කරන කියන කටයුතු සාර්ථක වේ. තමාගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන කාලයකි. අලුත් අයෝජන කිරිම හොද කාලයකි.
ගෘහ ජිවිතය හොදින් ගත වේ. එසේම කරන කියන දේ ඔබගේ හොදින් කෙරෙනු ඇත. ඔබට බොහෝදේ ලබාගැනීමේ හැකියාව මේ සතියෙදි තියෙනවා. ඉඩකඩම් භූමිලාභ වාසනාව ලැබෙනවා. නිවස තුල උත්සව සිරියක් ගන්නවා. අලුත් ඥාති සබදතා ඇතිවෙනවා. මංගල යෝග උදා වේ.
සෞඛ්‍ය තත්වය සෙම් රෝග සහ සෙම් සම්බන්ධ අමාරු, පීනස ගැන සැලකිලිමත් වන්න.


● තුලා
ඉතාම හොඳ සතියක්.
මේ සතියෙදි ඔබගේ සියලු බලාපොරොත්තු ආර්ථික වශයෙන් ඉටු වෙනවා. කරන කියන කටයුතු ඉටු වෙනවා. ඔබගේ බලය ව්‍යාප්ත වන කාලයකි.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත වෙනවා. එසේම තමාගේ පවුලේ අය සමග ප්‍රීතියෙන් සිටිමට පුලුවන් කාලයක් මෙය. ප්‍රිය සම්භාෂණ වලට නිතර නිතර සහභාගි වීමට පුලුවන්. එසේම දුර පලාතක සංචාරයක් යෙදෙනවා. සිත ප්‍රීතියෙන් පිරෙන සතියකි.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැ. හිසේ කැක්කුම, සෙම් රෝග ගැන සැලකිලිමත් වන්න.


● වෘශ්චික
හොඳ සතියකි.
මේ සතියේදී ඔබට ආර්ථික වාසි සැලසේ. විශේෂයෙන්ම සතිය මැදදී ඔබ වඩාත් තීරණාත්මක වශයෙන් ආර්ථික ජයග්‍රහණ ඇතිකර ගනී. මේ කාලයෙදි අමතර ආදායම් මාර්ග ඇතිවෙනවා.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වෙනවා. ඔබගේ යුග දිවිය සම්බන්ධව තිබුනු ගැටළු නිරාකරණය වනවා. එසේම හොද කාලකයකි.
සෞඛ්‍ය තත්වය ප්‍රබල ගැටළු නැහැ, මේ කාලයෙදි ඔබ සෙම් රෝග සහ පාද වල ආබාධ වලින් පරිස්සම් වන්න.

● ධනු
සමඵලයි.
සතියේ මුලදි තිබු ආර්ථික ප්‍රබෝධය සතිය අගදී නැතිවි යාමට පුලුවන්. මන්ද ණයතුරුස් දීම සහ ණයට ගැනීම යන ගැටළු නිසා. ඒවායින් පරිස්සම් වන්න, ලගම හිත මිතුරන් පවා තරහ වීමට ඉඩ තිබෙනවා.
ගෘහ ජිවිතයටද ආර්ථිකයට සමානයි. මුල් දින වල තිබු සතුට අගදි නැතිවිය හැක, අඹුසැමි ආරවුල් ඇතිවිමට ඉඩ ඇත. එසේම ඥාති හිතවතුන් සමග යම් ආරවුල් සතිය අගදි විය හැකියි.
නිදන් ගත රෝග සහ පාදවල වේදනා ගැන සතිය අගදි පරිස්සම් වන්න.


● මකර
සමඵල සතියකි.
සතියේ මුල් දින කීපයෙදි දියුණුවට ආධාර උපකාර ලැබේ. වැඩිහිටියන්ගෙන් උදව් උපකාර ලැබේ. එසේම ව්‍යාපාර කටයුතු වලට ඉතාම හොදයි. නව අයෝජනයන් තුලින් ව්‍යාපාර තව දියුණු කරගත හැකියි. සතිය අගදි පාඩුවිමට ඉඩ ඇත, බුද්ධිමත් වන්න.
ගෘහ ජිවිතය හොදින් ගත වේ. බිරිදව සතුටු කිරිමට යම් යම් දෑ මිලදී ගැනීමට පුලුවන්. අඹුසැමි ප්‍රේමයට හොදයි. අවිවාහක අයට හොදයි, මංගල යෝග උදා වේ. ඥාතින් නිවසට පැමිණේ.
සෞඛ්‍ය තත්වය සතිය අග වන්නට, යම් යම් ඇඟේ පතේ අමාරු ඇතිවිය හැක, කල්පනාකර කටයුතු කර ඒවා වලක්වා ගන්න.

● කුම්භ
හොද සතියකි.
සතිය ආරම්භයෙදිම ආර්ථික වාසි හිමි වෙයි. කරන කටයුතු සාර්ථක වේ. නව ආයෝජන අවස්ථා යෙදේ. රැකියා කරන අයටද හොදයි. පිට පලාත් වල කටයුතු කරන අයටත් හොදයි. නව රැකියා බලාපොරොත්තු වූ අයටද රැකියා හිමි වේ.
ගෘහ ජිවිතය ඉතාම හොදින් ගත වේ. එසේම මේ සතියෙදි ආගමික වශයෙන්ද යම් ප්‍රබෝධයක් ඔබ තුල පවතිනවා. වැඩිහිටියන් සමගද හොද සබදතාවයක් ගොඩනැගේ. ඔබගේ දියුණුවට ඔවුන්ගේ උපකාර ලැබේ. ඉතාම හොදයි.
සෞඛ්‍ය ගැටළු එතරම් ඔබට මේ සතියේ නැහැ. මේ කාලයෙදි ඔබ විමසිමෙන් කටයුතු කරන්න.
නිදන්ගත රෝග ඇති අය පරිස්සම් වන්න.


● මීන
සමඵල සතියකි.
මේ සතියෙදි ආර්ථික වාසි මධ්‍යස්ථ ආකාරයට සැලසේ. ඔබ ප්‍රවේසමෙන් කටයුතු කල යුතුයි, කරන කියන කටයුතු වල සාර්ථකත්වය උදෙසා. විශේෂයෙන්ම ඔබ කල්පනා කරන්න ඔබගේ ජිවිතයේ යම් වෙනස්කම් ආර්ථික වශයෙන් ඇතිවේව. විදේශ රැකියා කරන අයට මේ සතිය හොදයි. සතිය අගදී ආර්ථික දියුනුව ඇතිවේවි.
ගෘහ ජිවිතය තුල ඉවසීමෙන් කටයුතු කල යුතුයි. සතිය මැදදී අඹුසැමි ආරවුල් ඇතිවිය හැක. එසේම නොසිතු ප්‍රශ්න උපද්‍රව වලින් සිත පීඩාවට පත්විය හැකියි, බුද්ධිමත් වන්න.
සෞඛ්‍ය තත්වයේ සෙම් රෝග හා ඇඟේ පතේ වේදනාව ගැන සැලකිලිමත් වන්න.




Sunday, November 8, 2015

මහා භද්‍රකාලි මෑණියන් !


අයුක්තියට, අසාධාරණයට විරුද්ධව ඉතා ප්‍රසිද්ධ නමුත්, දියුණුවට යහපතට කටයුතු කර දෙන ගුණවත් දේව මෑණියන් කෙනෙකි.
- සත් කාලි මණ්ඩලයම පෙරටත් වඩා ධාර්මිකය.
බිලි පූජා දෙවිවරු ගන්නේ නැත.

** ඔබට පෙනෙනවා ඇති යටින් ඇති රූපය ශිව දෙවියන්ට සමාන බව.
එයින් අදහස් වන්නේ “ අයුක්තිය අසාධාරණය මැඩීමට, ලෝක පාලක ඊශ්වර/ශිව දෙවියන්ගේ බලය ලබාගන්නා බවයි “ !

‪#‎ඉරු‬

Friday, November 6, 2015

ව්‍යාජ ජෝතිර්වේදින්ගෙන් පරිස්සම් වනු !

මෙම කේන්දරය හිමි තැනැත්තිය ඉතාම මෑතක අපගෙන් කේන්දර පරික්ෂා කරගත්තාය.

ප්‍රසිද්ධ කේන්දර බලන කෙනෙක් මේ කේන්දරය ගැන
ඇහුවාම, තමන්ගේ දන්න කෙනෙක් කියල, මේ කේන්දරය
හිමි තැනැත්තිය බොහෝම නරක කෙනෙක්, මුදල්
වෙනුවෙන් පිරිමින්ට නැමෙන කෙනෙක් වගේ ඉතාම අප්‍රසන්න සහගත විදියෙ කතා කියල තිබෙනව.

● මේ කේන්දරය හිමි තැනැත්තිය, වැදගත් පවුලක
ඉපදුනු, හොඳ දෙමාපියන් ඉන්න, හොඳ ගරු කටයුතු රස්සා
කරන සහෝදරයො ඉන්න ඒවගේම තමනුත් ලොකු
සමාගමක වගකිවයුතු විධායක ශ්‍රේණියෙ රස්සාවක් කරන
කෙනෙක්.

ඉතින් ජ්‍යොතිෂ්‍යය දන්නව කියන අයත් මෙහෙමයි නම් ඉතින් මේ ශාස්ත්‍රය ගැන අපට ඇතිවන්නෙ බියක්.

● මෙම කේන්දරයේ ග්‍රහ පිහිටිම අනුව,
රාහු සිකුරු 1 වැන්නේද, සෙනසුරු 2 වැන්නේද , රවි බුධ 3 වැන්නේද , 6 වැන්නේ චන්ද්‍රයාද, 7 ගුරු-කේතුද ,9 වැන්නේ කුජද පිහිටා ඇත.

● රාහු සිකුරු ලග්න භාවයේ සිටිම තුල හොද රූමත් කෙනෙක්.

● 3 වැන්නේ රවි - බුධ යෝගයක් තියෙනව. ඒකියන්නෙ හොද උගත්කමක් තියෙනව.
රවි - බුධ බලවත්ව වික්‍රමස්ථානයේ ඉන්න කෙනෙක්, තමන්ගේ බලපරාක්‍රමය උගත්කම එක්ක තමයි විහිදුවන්නෙ. එහෙම කෙනෙක්ට නරක ලක්ෂණ ඇතිවෙන්න ඉඩ බොහෝම අඩුයි.
- ගණිකාවක් වගේ හිතුවොත් ඒ තත්වයට වැටෙන්න මූලික
හේතුව වෙන්නෙ තමන්ගෙ ආර්ථික දුර්වලතාවය.

● උගත්කමක් හොදට තියෙන කෙනෙක් ලේසියට ඒ පැත්තට
යන්නෙ නැහැ.

● ගුරු 7 වැන්නේ සිටිම තුල,
කීමටත් කියනවා එහෙම අයගේ
චරිතය පොදුවේ කිව්වත් කියන්නේ චරිතවත් අය කියල. හතර
කේනද්රයේ තැනක ගුරු සිටිම තුලම ඒක කියතෑකි.

● ඒවගේම මීන ලග්නයේ යෝගකාරකයා කුජ.
කුජ 9 බලවත්වීම තුල 9 වැන්නේ සිටිම තුලත් ඒ කෙනාගේ
පෞරුෂය සහ ආත්ම ශක්තිය බොහෝම හොදයි. එහෙම
කෙනෙක් අර වගේ තත්වයකට යොමුවෙන්න ඉඩ අඩුයි.

මගෙන් ඇහුවා, ඇත්තටම මහත්තයා මට මෙහෙම කිව්වා
කේන්දරය බලල කිව්ව. මෙහෙම දෙයක් තියෙනවද කියල..
මේ කාරණා පිලිවෙලට විස්තර කරද්දි ඒ ගෑණු ළමයා දුකට
පත්වෙලා ඇඬුම් ආවා.

** අප මේ කෙටියෙන් දළව කිව්වත්, සූක්ෂම පරික්ෂාව අනුව බැලුවමත් මේ කේන්දරයේ ගැටළුවක් නැහැ.

කේන්දර දන්නවා කියල හිතාගෙන පොතක් 2ක් කියවලා මාධ්‍යයට ගිහිල්ලා, එක්කො ප්‍රේත - භූත කොටස් ගෙන්නගෙන සංදර්ශන කරන අය, වෙනත් අදහස් වලින් මේ ශාස්ත්‍රය කරන අයට යම් කාලයක් වැජඹෙන්න පුලුවන් වේවි.

හැබැයි හැමදාටම බැහැ. මේවගේ බොරු විතරක් නෙමෙයි, කෙනෙක් හිත නරක් කරන, මානසිකව වට්ටන බොරුකාර දේවල් කීම තුල නොදැනුවත්වම බරපතල අකුසල් සිද්ධ කරගන්නවා ඒ කියන වංචාකාරි අය.

* ඍෂිවරුන්වහන්සේලා අපට මේ ශාස්ත්‍රය දුන්නෙ ජනතාවගේ යහපතට යොදවන්න.
කර්ම ශක්තියේ ඇති දුර්වලතා කියල දිලා දුර්වල අයට හොද කරන්න, හොද අයට තව හොද වෙන්න කියල දෙන්නයි...

බුදු සරණයි !

Thursday, November 5, 2015

සිකුරු මාරුව ලග්න 12ට


ග්‍රහ ලොව මනමාලිය වන සිකුරු/ශුක්‍ර ග්‍රහයා මේ මස 3වනදා සිංහ රාශියේ සිට කන්‍යා රාශියට පැමිණියේය.

තමාගේ නීච රාශියට වන කන්‍යාවෙදි ලග්න 12න් ඔබගේ ලග්නයට මොන විදියට පලාපල ලැබේවිද ?


● මේෂ
අශුභයි - සිකුරු 6ට පැමිණියේය.
ඔබගේ කේන්දරයේ නීච රාශිය වූ 6 වැන්නට සිකුරුගේ පැමිණිම එතරම් හොද නැහැ.
සතුරු කරදර ඔබට බලවත් වීමට ඉඩ ඇත. ලෙඩදුක් වැඩිවිමටද ඉඩ ඇත, විශේෂයි නිදන්ගත රෝග ඇති අය පරිස්සම් විය යුතුයි.
ශරීරයේ ප්‍රතිශක්තිකරණය තරමක් හෝ දුර්වල වීම නිසා අසනීප ඇතිවිය හැකියි. - බුද්ධිමත්ව ඉවසීමෙන් කටයුතු කරන්න.


● වෘෂභ
ශුභයි - සිකුරු 5ට පැමිණියේය.
විශේෂයෙන්ම කලා කටයුතු වල නියුතු වන අයට නම් බොහෝ හොදයි. යම් නිර්මාණ අලුතින් කිරිමට පුලුවන් කාලයකි.
තමාගේ කාමාශාවද ඉතාම බලවත් වන කාලයකි, කාමුක සිතිවිලි වලින් පිරේ.
ප්‍රේම සබදතා වලට නම් තරමක අශුභ තත්වයක් මේ අතර පවති.


● මිථුන
ඉතාම ශුභයි - 4ට සිකුරුට පැමිණියේය.
නීච රාශිය වුවත් 4 වැන්නට දිග්බල බැවින්, ඔබට සැපසේ සිටිමට අවශ්‍ය කරන, ගෘහ උපකරණ ආදිය ලැබේ. කාන්තාවන්ට මෙය ශුභ ආරංචියක් !
භූමි ලාභ, වස්තු ලාභ හිමිවන කාලයකි. ඔබට ඉතාම හොඳයි. මංගල යෝජනා ඔබ කරා එන කාලයකි.


● කටක
 ඉතාම ශුභයි - සිකුරු 3ට පැමිණියේය.
තමා කීර්තිමත් පුද්ගලයෙක් බව අන් අය පිලිගනි, කීර්තිය පැතිරේ. මංගල යෝජනා පැමිණේ. ශරීරය වර්ණවත් වේ. තමා ගැන පිට අය ගුණ කියයි.
අලුත් ඥාති මිතුරුකම්, හිතවත්කම් ගොඩනැගෙන කාලයකි.


● සිංහ
ඉතාම ශුභයි - සිකුරු 2ට පැමිණියේය.
තමාගේ වචනයට අන් අය ගරු කරයි.
ඉතාම හොද කාලයකි. එසේම කරන කියන කටයුතු සාර්ථක වෙයි. විශේෂයෙන්ම සියලුම වෘත්තින් වල නියුතු ඔබට මෙම සිකුරුගේ මාරුව ඉතාම ශුභයි. තවද ඔබට බොහෝ වැදගත් අය ඇසුරු කිරීමේ වාසනාවද මේ අතර උදා වෙයි.


● කන්‍යා
ඉතාම හොඳයි - සිකුරු 1ට පැමිණියේය.
ලග්නයට පැමිණිම නිසා සමහරවිට සෙම් රෝග එහෙම අධික වීමට පුලුවන්.
කාමාශාව බලවත් වන කාලයකි. මේ කාලයෙදි තමාගේ වැඩ කටයුතු වලට දියුණුව ඇතිවෙනවා. තමා සමාජයට ප්‍රියමනාප පුද්ගලයෙක් වෙයි. ඉතාම හොද කාලයකි. රූප ශොභාවද වැඩිවන කාලයකි.


● තුලා
සමඵලයි - සිකුරු 12 ට පැමිණියේය.
සමහරවිට ඔබට අනවශ්‍ය ආකාරයට මුදල් වියපැහැදම් වීමේ ඉඩකඩක් පවති.
මෙනිසා ඔබ විටෙකදී මානසික පීඩාවන් වලට හසුවීමට ඉඩ ඇත. ඒ ගැන කල්පනාකාරි විය යුතුය. ඔබ ස්ත්‍රින් කරණකොටගෙන බොහෝ මුදල් නාස්ති කරගැනීමේ අවදානමක්ද පවති, කල්පනාකාරි වන්න.
වෙනත් අය වෙනුවෙන් අනවශ්‍ය මැදිහත් වීම්, ඇපවීම් මේ කාලයේ නොකර සිටිම වඩා හොදය.


● වෘශ්චික
ශුභයි - සිකුරු 11ට පැමිණියේය.
ආර්ථික වාසි ඇතිවිමට හේතුය.
උසස් සමාජයෙන් ඔබට ආධාර උපකාර ලැබේ. එසේම ඔබට යන එන තැන, ඔබට ඉහලම පිලිගැනිම හිමිවනු ඇත. ඉතා හොඳ කාලයකි. ඉහල පෙලේ මිතුරු මිතුරියන් ඇසුර ඔබට ඇතිවිය හැක. එසේම විදේශ රැකියා වල නියුතු ඔබටත් ඉතාම හොදයි.


● ධනු
ඉතාම ශුභයි - සිකුරු 10ට පැමිණියේය.
රැකියාවේ දියුණුව, ආර්ථික වාසි හිමි වේ. රැකියා කරන අයට ඉහල උසස්වීම්ද ව්‍යාපාරික වැඩ කටයුතු කරන අයට එහි දියුණුවද හිමි වේ. විදේශ වෙලදපල සමග ගනුදෙනු කරන අයටද ඉතා හොදයි. එසේම හැකියාව තුලින් තවත් ඔබට සමාජයක් හඳුනාගැනීමටද මේ කාලයෙදි පුලුවන.


● මකර
ඉතාම ශුභයි - සිකුරු 9ට පැමිණියේය.
පෙර පින පෑදෙන කාලයකි. ඔබගෙන් වැඩිහිටියන්ද ඉතාම ශුභයි. ඔබගේ කීර්ති නාමය පැතිරෙන කාලයකි. එසේම අලුත් අලංකරණයට අවශ්‍ය දෑ මිලදී ගැනිමට ලැබෙන කාලයකි. ඒ හැකියාවටද ආර්ථික වාසි හිමි වෙයි. උරුමහරුමකම් ලැබෙන ශුභ කාලයකි.


● කුම්භ
එතරම් ශුභ නැත, සිකුරු 8 වැන්නට පැමිණියේය.
ඇති ලෙඩ රෝග උත්සන්න වීමේ හැකියාවක් පවති.
යක්ෂ-ප්‍රේත උපද්‍රව වලට ලක්විමටත් ඉඩ ඇත. සතුරු කරදර වලට අවනත වීමටද අවදානමක් පවති. ඔබගේ මානසික තත්වය පිරිහීමටත්, ඒ අතරතුර අනියම් කම්සැප ලැබෙන්නටත් පුලුවන්. රහසිගත ප්‍රේම සබදතා ගොඩනැගෙන්නට පුලුවන්.


● මීන
ශුභයි - සිකුරු 7 වැන්නට පැමිණියේය.
හවුල් ව්‍යාපාර දියුණු වෙනව. සුබ කාලයකි.
රැකියා කරන, ව්‍යාපාර කරන අයටද ඉතාම හොදයි.
අලුත් මිත්‍ර සබදතා ගොඩනැගෙනවා. ප්‍රතිවිරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණය හිමි වෙනවා. පෙම් සබදතා ගොඩ නැගනෙවා. කාමාශාව ඉතා බලවත් වනවා. බලගතු ලිංගික ශක්තියක් ඇතිවෙනවා. පෙම් සබදතා ස්ථිර වෙනව.