Wednesday, December 2, 2015



සියලුදෙනාගේම යහපත් බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත මාසයක් වේවා !


Tuesday, December 1, 2015

සතියේ ලග්න පලාපලය - නොවැ 30 - දෙසැ 7

● මේෂ
ශුභ සතියකි.
ඉතාම වාසනාවන්ත මේ සතියේදි ආර්ථික තත්වය නිරායාසයෙන්ම දියුණු වේ. වෙළද ව්‍යාපාර කරන අයටත්, රැකියා වල නියුතු අයටත් චිත්ත ප්‍රීතියෙන් යුක්තව කටයුතු කරන්න පුලුවන්. එසේම දියුණුවට අතහිත මෙන්ම පිරිස් බලයද ලැබෙනවා.
ගෘහ ජිවිතය තුල පවුලේ සමාදානය විශේෂයෙන්ම රැකෙන අතර, ස්වාමියා-බිරිඳ පුදුම කිරිමට තරම් යම්කිසි සුභ සිදුවිම් සිදු වෙනවා. පවුලේ අය සමග වැඩිපුර කාලය ගත වෙනවා, නිවස ප්‍රීති උත්සව සිරියක් ගෙන දෙනවා.
සෞඛ්‍ය තත්වය හොදයි, පපුවේ සෙම ඇත්නම් පරිස්සම් වන්න.


● වෘෂභ
සමඵල සතියකි.
සතිය ආරම්භයෙදි ඔබගේ සියලු කටයුතු ඉතාම ප්‍රබෝධයකින් සිදුවනු ඇත. විශේෂයෙන්ම ඔයාගේ කටයුතු වලට යාළුවන්ගෙන් හිතවතුන්ගෙන් උදව් උපකාර ලැබෙනවා. ඒවගේම ව්‍යාපාර කටයුතු තියෙනව නම් ඒවට අවශ්‍ය කරන උපකරණ මිලදි ගැනිමේ හැකියාව තියෙනව. නමුත් සතිය අගදී ප්‍රවේසම් විය යුතුයි ඒරාෂ්ටකයකට අහුවෙන නිසා.
ගෙදර දොරේ ජිවිතය බොහෝම සාමකාමි. ඔබගේ භාර්යාව/ස්වාමියා එක්ක ඉතාම සාමකාමි ජිවිතයක් ගත කරන්නට හැකි බව කියන්නට ඕන. ඒවගේම ගෙදරට හිතවතුන් සහෝදරයන් එනවා. සිත ප්‍රීතියෙන් තිබෙනවා, ගැටළුවක් නැහැ.
සෞඛ්‍ය ගැටළු විදියට, පපුවේ සෙම් අමාරු ඔයාටත් තියෙනවා - පරිස්සම් වෙන්න.


● මිථුන
බොහොම හොඳ සතියක් !
ගිය සතියට වඩා හොඳ සතියක් කියන්නෙ, ඔයාගෙ හැකියාවෙන් ඉතාම හොද ප්‍රයෝජන ගන්න පුලුවන්. මේ අතර හදිසි ධනලාභ පවා ඔයාට තියෙනව. අලුත් ව්‍යාපාර ඇරඹීමට සුබයි. මුදල් ලැබෙනවා, දියුණුවට අතහිත ලැබෙනවා. සතිය පුරාම එක වගේ ශුභ තත්වයක් තමයි පෙනෙන්ට තියෙන්නෙ.
ගෘහ ජිවිතය ඉතාම හොදයි. කාලෙකට පස්සෙ අඹුසැමි ප්‍රේමය කියන දේ් ඉතාම හොද තත්වයකින් තියෙනවා. ඒකියන්නෙ ඒ තත්වය බබලනවා. අලුත විවාහ වු අයට නම් බොහෝම සුභ කටයුතු, ආරංචි ඇතිවෙන සතියක්, විශේෂ හොදක් තියෙනවා.
සෞඛ්‍ය තත්වයේ හොඳ තත්වයක් තමයි පෙනේට තියෙන්නෙ, චන්ද්‍රයා යන ගමන අනුව සෙම් අමාරු විතරයි කියන්න පුලුවන්, සමහර වෙලාවට බඩේ කැක්කුම් තියෙන්න පුලුවන් පරිස්සම් වෙන්න.


● කටක
ඉතාම ශුභ පල සතියකි.
මේ සතියේදි ඔබගේ ආර්ථික තත්වය ඉතාම ඉහලට ගැනිමට ඔබට වාසනාව ලැබෙනවා. මේ තත්වය නිසා ඔබට විශේෂ ආර්ථික වාසි ඇතිවෙනවා. කල්පනාවෙන් කටයුතු කලහොත් ඔබට ලොකු දියුණුවක් ලබාගැනිමට පුලුවන්.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත වෙනවා. මේ සතියෙදි ඔබ ආගන්තුක සත්කාර ගැන විශේෂ උනන්දුවක් දක්වනවා. එනම් නිවසට ඔබගේ හිතවතුන් ඥාති මිත්‍රයන් ඒමට පුලුවන්. පවුලේ අය සමග විනෝදයෙන් ප්‍රීතියෙන් සිටිමට පුලුවන්.
සෞඛ්‍ය තත්වය ඉතාම යහපත්, සදු ලග්න භාවයේ, 2වැන්නේ හැසිරෙන කාලයෙදි හිස බරගතිය, උගුරේ සෙම ආදිය ඇතිවන්නට පුලුවන්.



● සිංහ
සුභ සතියකි.
සතියේ මුල් දින කීපය නම්, සඳුදා සහ අඟහරුවාදා සම්පූර්ණයෙන්ම ඔබ ගිවිසුම් ප්‍රාකාර වැඩ වලින් ඉවත් වන්න, ඇපයට එහෙම යන්නට හොද නැහැ. ඉතින් සදු ලග්න භාවයේ, 2 වැන්නෙ හා 3 වැන්නේ ගතවෙන කාලය ඔයාට ඉතාම හොදයි. ඒ දවස් වල ඔයාගෙ උත්සහයට මහන්සියට නියමිත ප්‍රතිඵල ඔයාට ලැබෙනවා, ඒකෙ ගැටළුවක් නැහැ.
ගෘහ ජිවිතය ගැටළුවක් නැහැ. ගෘහ ජිවිතයේ පවුලේ අය වෙනුවෙන්, සහෝදරසහෝදරියන් එක්ක සතුටින් ඉන්න පුලුවන්, ඒ පැත්තෙන් වියදම් වැඩියි. සතිය අගදී විශේෂ ගමන් බිමන් යෙදෙන්නත් ඉඩ තියෙනවා ඔය අතර.
හිස බර ගතිය, සෙම් රෝග සෞඛ්‍ය තත්වයේ තියෙන ගැටළු.


● කන්‍යා
සමඵලයි.
සතිය ආරම්භයේ තිබුනු ආර්ථික ප්‍රබෝධය සතිය මැදදි නැති වෙන්න පුලුවන්. ඒකියන්නේ සතිය මැදදි ලොකු ආර්ථික ගැටළුවකට හසුවෙන්න පුලුවන්. ඔයාගෙ නිසි කල්පනාව සහ බුද්ධිමත් තීරණ වලින්, සැලකිල්ල නිසා සතිය අගදී මේ තත්වය නැති වෙලා යනවා.
ගෘහ ජිවිතය අතින් ගත්තම අඹුසැමි ප්‍රේමයට සහ දුවාදරුවන්ගේ කටයුතු වලදි හොදයි, නමුත් යම් කනස්සල්ලක් ගෙනදිමට ඉඩ තියෙනවා යම් යම් සිද්ධි නිසා. ඒගැන සැලකිල්ලෙන් ඉන්න.
සෞඛ්‍ය තත්වයෙ ප්‍රබල ගැටළු නැහැ. නමුත් දණිස් වල වේදනා, පාද වල වේදනා ගැන සැලකිලිමත් වන්න.


● තුලා
සමඵල සතියකි.
මේ සතියේ ඔබට වෙලද ව්‍යාපාර කටයුතු වලින් හොද ආදායමක් උපයා ගැනිමට පුලුවන්. නමුත් සතිය අගදි ඒ තත්වයන් වෙනස් විය හැකියි. ඔබ අනවශ්‍ය මැදිහත් විම නිසා ආර්ථික පාඩු ඇතිවිමට පුලුවන්. ඒවායින් ඔබ ආරක්ෂා වන්න.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත වෙනවා. සතිය මැදදි ආගන්තුකයන්, ඥාති මිතුරන් ආදින් පැමිණිමට ඉඩ තිබෙනවා. සතිය අගදී යම් යම් මත ගැටුම් ඇතිවෙන්නට පුලුවන් ආර්ථික තත්වයේ විචල්‍යතා නිසා, ඒ ගැන සැලිකිලිමත්
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැ. පාද වල වේදනා ඇගපත වේදනා


● වෘශ්චික
මේ සතිය ඉතාම හොදයි.
සියලු තත්වයන් හොදින් කළමනාකරණය කොට ආර්ථිකය ජය මාවතකට ගෙන යාමට පුලුවන්.
එසේම ඔබට මේ සතියෙදි වැඩහිටියන්ගෙන් දියුණුවට අතහිත ලැබෙන්න පුලුවන්, බැංකු ණය වැනි දේවල්ද ලැබෙන්නට පුලුවන්.
ගෘහ ජිවිතය ඉතාම හොදයි. වැඩිහිටියන් සමග සමගියෙන් සමාදානයෙන් ගතවන අතර මේ කාලය ආර්ථිකයටත් ගැටළුවක් නැති නිසා ඔබ හොදින් ඉන්නවා.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැහැ. නිදන්ගත රෝග ඇති ආරක්ෂා වන්න.


● ධනු
ශුභ සතියකි.
මේ සතියෙදි සියලු කටයුතු සාර්ථක වෙනවා. විශේෂයෙන්ම ආර්ථික වාසි සැලසේ, ලැබෙන්නට තිබු මුදලක් ලැබේ. සතිය පුරාම එකසේ සුබයි. ව්‍යාපාර ඇරඹීමට සුබයි.
ගෘහ ජිවිතය ඉතාම හොදින් ගත වේ. පවුලේ අය සමගත් ඥාතින් සමගත් ඉතාම හොද සම්බන්ධකම් ඇතිවෙනවා. එසේම ඔබට ආර්ථිකය හොද නිසා සිතට සතුට ලැබෙනවා, ඥාති මිතුරන් ආදින් නිවසට එනවා.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැහැ. නිදන්ගත රෝග ඇති අය ප්‍රවේසම් වන්න.


● මකර
සමඵලයි.
ආර්ථික ප්‍රබෝධය තිබෙනවා, සතිය මැදදි එය නැතිවි යන්ට පුලුවන්. ඔබටත් යම් බාධක කරදර උපද්‍රව ඇතිවන්නට ඉඩ තියෙනවා. ඒවායින් ආරක්ෂා විය යුතුයි. කෙසේ වෙතත් සතිය මැදදි ඉතාම දරුණුවට දැනුනද අගදී මේ තත්වයන් යහපත් වනවා. ගනුදෙනු වලදි පරිස්සම් වන්න.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වෙනවා. සතිය මුලදි මංගල යෝග උදා වෙනවා. නව ඥාතින් මුණ ගැහෙනවා. සතිය අගදි සමහරවිට කෙනෙකුගේ දුකක් අහන්නට ලැබේවි. මානසික තත්වය හොදින් තබාගැනිම ඔබගේ වගකිමයි.
සෞඛ්‍ය තත්වයේ යම් යම් දුර්වලකම් පවතිනවා, ඒවායින් ආරක්ෂා වන්න. ඔබට මේ කාලයෙදි යම් යම් ගැටළු සහගත තත්වයන් මතුවිමට පුලුවන්.


● කුම්භ
සමඵල සතියකි.
ආර්ථික තත්වය ගැන නම් පොඩ්ඩක්වත් සතුටු වෙන්න බෑ. සතිය පුරා ආර්ථික ගැටළු ඇතිවිය හැකියි. චන්ද්‍රචාරය සතිය පුරා අයහපත්ව පවතින්නේ. විවිධ ආර්ථික අපහසුතාවයන් වලට ඔබ හසුවන්නට පුලුවන්. ගනුදදෙනු වලදි ඉතාම බුද්ධිමත් සහ පාරදෘශ්‍ය වීම ඉතාම වැදගත්. හවුල් ව්‍යාපාර කරන අයට යම් සහනයන් තියෙනවා
ගෘහ ජිවිතය ඔබට එතරම් ගැටළුවක් වන්නේ නැහැ. සමහරවිට පොඩි පොඩි බාධා ගැටළු ඇතිවිය හැකියි. සතිය මැදදි ඔබට මංගල යෝග උදා වේ. ඥාති මිතුරන් ගෙදරට එන්න පුලුවන්. ඔබගේ ඉවසීම මත පවුලේ සමගිය රැකේවි.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැ, අජීර්ණ තත්වයන්, ආමාශගත රෝග ඇතිවන්නට ඉඩ තිබෙනවා. ප්‍රවේසම් වන්න.

● මීන
එතරම් යහපත් සතියක් නොවෙයි
මේ සතිය පුරාවට ඔබට බාධක කරදර විටින් විට ඇතිවෙනවා. ඔබට ලැබෙන්නට නියමිත මුදලක් නොලැබි යාමට පුලුවන්. මේ සතිය මැදදී ගනුදෙනු හා විවිධ ගිවිසුම් ප්‍රාකාර වලට එළඹීම එතරම් සුදුසු නැහැ. සඳු කන්‍යා වේ සිටින කාලයෙදි යම් දෙයක් සාර්ථක වෙනව.
ගෘහ ජිවිතය තුල මුලදි දරුවන් සමග ගත කිරිමේ අවස්ථාව ලැබුනත් සතිය මැදදි අවිවේකි විම නිසා ඒ තත්වයන් තරමකට අයත් වෙනවා. කෙසේ වෙතත් ඔබට ඉදිරියෙදි හොදයි. අවිවේකි බව නිසා ගැටළු තිබුනත් ඉදිරියෙදි හොදයි.
සෞඛ්‍ය තත්වයේ නිදන්ගත රෝග සහ සෙම් අමාරු ඇති අය පරිස්සම් වන්න.

Saturday, November 28, 2015

“ ‪#‎ස්කන්ධකුමාර‬ හෙවත් ‪#‎කතරගම‬ ‪#‎දෙවිඳුන්‬ “


ලෝක පාලක ඊශ්වර, ශිව හෙවත් මෙහෙසුරාණන්ගේ පුත්‍රයෙකු වන මෙම දෙවිඳුන් වැඩියෙන්ම ප්‍රචලිතව ඇත්තේ හින්දු ජනතාව අතරය..
‪#‎මුරුගන්‬ නමින් ඉතා ආදර බහුමානයෙන් පිදුම් ලබන දෙවි කෙනෙකි.
කෙසේ වුවද සිංහල බෞද්ධයන්ටද ඉතා කරුණාවක් දක්වන, පිනට දහමට ලැදි සුපින්වත් දෙවි කෙනෙකි...
* රටට සාපයක්ව පැවති යුද්ධය අවසාන වීමට මේ දෙවිඳුන්ගෙන් සිදුවූ ආශිර්වාදය ඉමහත්ය !
‪#‎ඉරුසේවය‬

Wednesday, November 25, 2015

ඉසුරු යෝගය ටෙලි නාට්‍යය සහ අපගේ අදහස

“ ඉසුරු යෝගය ටෙලිනාට්‍යය“ යම් කාලයක ලංකාවේ ජනප්‍රියම නාට්‍යයකි.

ජයලාල් රෝහණ මහතා මුතුමිණ චරිතයද, කාංචනා මෙන්ඩිස් සහ රොෂාන් පිලපිටියද ප්‍රධාන චරිත වෙති.

මෙම කතාව, සියුම් ආකාරයකට ජ්‍යොතිෂ්‍යවේදින් කියන අයගේ දුර්වලතා පෙන්වන සියුම් උපහාසයක් කරන කතාවකි.

මෙහිදී අප මූලිකව සලකා බලන්නේ, එම පාරම්පරික ජ්‍යොතිෂ්‍යයවේදියා විසින්, තමන්ට මහා ධන යෝගයක් ඇති බවත් වසර 4කින් ඵල දෙන බවත් කියූ නමුත් එසේ සිදුවන්නේ නැහැ.

● මෙම නාට්‍යය දශකයකටත් කලින් විකාශය වු අතර, එය අපට එක්තරා සංවේගයක් ජනිත කලා.
අපටත් යම් කණගාටුවක් ඇතිවුනා ජ්‍යෝතිර් විද්‍යාවට කියන ලද දේ ගැන, කෙසේ වුවද සමාජයේ එක්තරා දුර්වල පැතිකඩක් තමයි කතාවේ පෙන්නුම් කරන්නෙ..

● සිකුරු බලවත්ව සිටින වෙලාවක, එනම් සිකුරු මීන රාශියේ උච්ච බලයෙන් සිටින කාලයක, සිකුරාදා දිනයක, සිකුරු හෝරාවක, සිකුරු පංචම හෝරාවේ, සිකුරු සූක්ෂමය අල්ලලා ආදි වශයෙන් කාලය ගණන්කර තමාට වඩා බෙහෙවින් වයසින්  බාල තරුණියකට ප්‍රේමය ප්‍රකාශ කරන්නට සිටිනවා මේ කතාවේ මුතුමිණ ජ්‍යෝතිර්වේදිතුමා විසින්.
- අපි ධනාත්මකව සිතිය යුතුයි, නමුත් අප මධ්‍යස්ථ විය යුතුයි. එම පුද්ගලයාගේ වයසත් එක්ක තරුණ වයසේ කාන්තාවකට ආදරය ප්‍රකාශ කරනවා.
යම්කිසි කෙනෙකුට විවාහයට යම් කාලයක් තියෙනවා, 22-28 යනාද කාලය වනතුරු ගැහැණු දරුවෙක්ටද 32 දක්වා යන කාලය වනතුරු පිරිමි දරුවෙක්ටද ඉතා ගැලපේ.

● එම වයසත් ඉක්මවා ගියාට පසු, එම විවාහ අපේක්ෂිත වයස පසුවෙලා, වයස අවුරුදු 40-50ට කිට්ටු වෙලා, අවුරුදු 23-25ක තරුණියකගේ අත පතන එක නිශ්ඵල ක්‍රියාවක් විදියටයි අප දකින්නේ.
එම පුද්ගලායට සිකුරුගෙන් මාලවි යෝගය හෝ වෙනත් යෝග යෙදි තිබුනද එවන් දෙයක් කෙරෙන්නට තියෙන ඉඩකඩ අඩුයි.
- එනම් සරලව කිවහොත් මෙවන් අවස්ථාවකට ජ්‍යෝතිෂ්‍යය ඈදා ගත යුතු නොවේ. මෙය ප්‍රායෝගික කාරණාවකි.

● යෝග ගැන කල්පනා කලවිට, සමහර අයගේ සිකුරු බලවත්ය.
සිකුරු ලග්නයේ බලවත්ව සිටියද සූක්ෂමව බැලූවිට, එම පුද්ගලයාට තරුණ වයසෙදි ගෑණු ළමයෙක් කැමති නොවී, නැත්නම් ප්‍රෙම සබදතාවයක් නිසි ලෙස ඉදිරියට ගිහින් නෑ, තරුණ වයසෙදි විවාහ වන්නට කැමැත්ත ලැබී නැත.
- ඒවාට හේතු ලෙස ලග්නයේ බලවත් වුවද නවාංශකයේ සිකුරු නීචව සිටිය හැක.
සිකුරු බලවත්ව සිටියද, සමහරවිට ඒ අයට අදාල නරක ග්‍රහයෙකුගේ එනම් සෙනසුරු හෝ කේතුගේ හෝ නිච ස්ථානයක සිටින ගුරුගේ දෘෂ්ටි යනාදි ලෙස තිබීම නිසා සිකුරුගේ බලය නොයෙදිය හැක.

● ධන යෝග වලදිද එසේමය.
නවාංශක වලදි පවා යම්කිසි අංශක වල ග්‍රහයන් දුර්වල වි සිටිය හැක. නවාංශක වල කේන්දර වල අදාල ග්‍රහයන් බලවත් වී සිටිම සිටිය යුතුයි.

- බැලූ බැල්මට හොද කේන්දර වුවද සූක්ෂමව බැලීමේදි එසේ සුභදායක නොවන්නට පුලුවනි.

● පොදුවේ සිකුරු බලවත් විමෙන් රූප ස්වභාවය වැඩිවිම, ලිංගික ශක්තිය ස්ථිර වීම යනාදි කරුණු යෙදි තිබේ. නමුත් විවාහ වන වයස වනවිට එනම් අවු 22න් පසු කාලයෙදි අදාල අවශ්‍ය මහ දසා ගත නොවුනොත්, සිකුරු මහ දසාව ලබන්නේ වයස 50දි නම් යනාදි ලෙස වෙනස්විම් විය හැක.

- මුතුමිණගේ චරිතය සමග ආදේශ කර බැලූවිට කල්පනා කර බැලිය යුතු කරුණු කාරණා බොහෝය.

අප සෑමවිටම කර්මය, විශේෂයෙන් තිබෙන අපලය වෙනස් කරගැනිමට, අපලය සඵල කරගැනිමට අප බුදු දහමේ පරිදි කැපවීමෙන් කටයුතු කල යුතුවේ.



Tuesday, November 24, 2015

සතියේ ලග්න පලාපලය - නොවැ 23 - 30




● මේෂ
ඉතාම ශුභ සතියකි.
සඳු ලග්නය සහ 4 වැන්නේ ගමන් කරන මේ සතියෙදි ආර්ථික තත්වය ඉතාම යහපත් වේ. මේ තත්වය නිසා ඔබට ආර්ථික වාසි නිතැතින්ම සැලසේ. ඔබගේ කටයුතු සාර්ථක වේ. භූමි ලාභ, ඉඩකඩම් දේපල ආදි වාසනාවන්ද හිමිවිමට භාග්‍යය ඇත.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතියෙන් ගතවන මේ සතියෙදි සිතට ප්‍රීතිය ලැබේ. මංගල යෝග උදාවේ. පවුලේ අය සමග වැඩි කාලයක් ගතකිරිමට සිත පෙළඹේ.
සෞඛ්‍ය තත්වය ඉතාම හොදයි. ප්‍රබල කරදර නැහැ. සෙම් අමාරු වලින් ප්‍රවේසම් වන්න.


● වෘෂභ
සමඵල සතියකි.
සතියේ මුල් කොටසේදි ආර්ථික අවාසි සිදුවිය හැක, ඔබ රැවටිමට පුලුවන්. ගිවිසුම් වලට, ඇප ගනුදෙනු වලට එළඹීම සුදුසු නැත. සතියේ මැද සිට ඔබගේ වාසනාව ක්‍රියාත්මක වනු ඇත.
ගෘහ ජිවිතය තුල ඔබගේ අඹුසැමි ප්‍රේමය දළුලයි. මංගල යෝග උදාවෙයි. පවුලේ අය සමග සතුටින් ගතකිරිමට අවස්ථාව ලැබේ. සතිය අගදි සහෝදරයෙක් නිවසට පැමිණිමට අපේක්ෂා කල හැක.
සෞඛ්‍ය ලෙස, පාද වේදනාව සතියේ මුල් දින වලදි ඇතිවිය හැක.


● මිථුන
සමඵලයි.
මේ සතිය තුලදි ආදායම සහ වියදම විචල්‍ය තත්වයක පවති. එසේම ඔබට මේ සතිය තුලදී විවිධාකාර රැවටිම් සහ අතපසුවිම් ඇතිවිමට ඉඩ ඇත. පාඩු වුවොත් උපරිම ආකාරයෙන්ම සිදුවනු ඇත. සතිය අගදි මේ තත්වය සමනය වී යනු ඇත. බුද්ධිමත් වන්න.
ගෘහ ජිවිතය ප්‍රබල වෙනස්කම් නැහැ. ඔබට කෙසේ වෙතත් යුගදිවි සැපත සහ දරුවන් සමග සතුටින් සිටිම අනිවාරයෙන්ම මේ සතියෙදි ඇති වෙනවා. සමහරවිට පින්කම් වලට වැඩි මුදලක් සතිය මැදදි වියදම් වේවි.
සෞඛ්‍ය තත්වයේ ඇඟපත වේදනාව, මානසික බරගතිය යනාදිය මේ අතර ප්‍රධානයි.

● කටක
ඉතාම ශුභ සතියකි.
ආදායම් මාර්ග ඉතාම සීග්‍රග්‍රාමිව සිදුවෙනවා. මේ අතර වෙළහෙලදාම් වල නියුතු අයටත්, ආහාරපාන, රෙදිපිළි ආදි ව්‍යාපාර කරන අයට වැඩි වාසි අත්වනු නියතයි. රැකියා කරන අයට ප්‍රධානින්ගේ ප්‍රශංසාව, අවධානය හිමි වනවා. අතමිට සරු සතියකි.
ගෘහ ජිවිතය තුල ප්‍රීතිය ඇතිවෙනවා. රසවත් ආහාර පාන සහ ප්‍රිය සම්භාෂණ වලින් අඩුවක් නැ. හිතමිතුරන්ගෙන් සතුට ලැබෙනවා. මංගල යෝග වලිනුත් අඩුවක් නැහැ. සුබ සතියකි.
ප්‍රබල ප්‍රශ්න නැ, සෞඛ්‍ය සම්බන්ධව. ඔබ  ප්‍රවේසම් විය යුත්තේ, සෙම් අමාරු වලින් පමණයි.


● සිංහ
මේ ඉතාම වාසනාවන්ත සතියකි.
කොටින්ම කියතොත් ඔබගේ පෙර පින මතුවෙන සතියකි. ආර්ථික වාසි සැලසෙනවා මෙන්ම ඥාතින්ගෙන් හිතවතුන්ගෙන් උදව් උපකාර, දියුණුව උදෙසා ලැබෙනවා. කරන කියන හැමදේම හරියන මෙම සතිය අලුත් ව්‍යාපාරික කටයුතු ඇරඹීමටද සුබයි.
ගෘහ ජිවිතය තුල ඔබගේ වැඩිහිටියන් කෙරෙහි ලොකු සැලකිලිල්ලක් ඔබ කෙරෙන් පෙන්වනවා. එනම් ඔබගෙන් සීයලා ආච්චිලා සම්බන්ධව ඔබගේ ආදර භක්තිය වැඩිවන මෙම සතියේදි ගෙදර අය සමගද ප්‍රීතියෙන් සිටිමේ භාග්‍යය ලැබෙනවා.
සෞඛ්‍ය තත්වයෙ ප්‍රබල ගැටළු නැ. නිදන්ගත රෝග ඇති අය පරිස්සම් වන්න.



● කන්‍යා
සමඵල සතියකි.
සතිය මුල් දින 2 හමාර තුල, ඔබට ආර්ථික අවාසි ඇතිවන්නට පුලුවන්.
එසේම විවිධ අය දෙන වැරදි උපදේශ නිසා ඔබ නොමග යන්න පුලුවන්. ආර්ථික අවාසි ඇතිවෙන එම දින 2 හමාර ප්‍රවේසමනේ කළමනාකරණය කරගන්න. සතිය අගදි ඔබ බලාපොරොත්තු වන සියලු දේ හරියනවා. නව ව්‍යාපාර ආදියට හොදයි, ඔබට සුබයි.
ගෘහ ජිවිතය ඉතාම හොදයි.
ඔබට මේ සතියෙදි දුර බැහැර ගමන් යෙදේවි. ඒ අතර වන්දනා ගමන්ද යෙදෙන්ට පුලුවන්. පිනට දහමට හිත නැඹුරු වෙනවා. සතිය අගදී ඔබගේ හිතවතෙකුගේ සම්භාෂණය නියමයි.
සෞඛ්‍ය තත්වයේ සෙම් රෝග සහ ආමාශගත අජීර්ණ රෝග ඇතිවන්නට පුලුවන් අවදානමත් වන්න.


● තුලා
සමඵලයි.
හවුල් ව්‍යාපාර, වෙළහෙලදාම් සතිය මුල් කොටසෙදි දියුණු වෙනවා.
සතිය මැදදී ඔබට නොතේරෙන, සූක්ෂම කරදර ඔබට සමීප වන්නට පුලුවන්. යටිකූට්ටු වැඩද ඒ අතර ප්‍රධානයි. මිතුරු වෙසින් එන හතුරන් හඳුනා ගන්න. සතිය අගදි ඔබ බලාපොරොත්තු වන නව ව්‍යාපාර අලුත් දේ ආරම්භ කරන්න.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වෙනවා. මංගල යෝග උදා වේ. පෙම් සබදතා සඵල වේ. අලුත් හිතවත්කම් ගොඩනැගේ. පවුලේ අය සමග ප්‍රීතියෙන් සිටිමට පුලුවන්.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැ, සෙම් අමාරු හා ඇඟපත වේදනා වලින් පරිස්සම් වන්න.



● වෘශ්චික
මේ සතිය සමඵලයි.
ආර්ථිකය නම් විටින් විට කඩා වැටෙන්ට පුලුවන්.
සතිය මුල් කොටසෙදි ණය ගනුදෙනු වලට හසුවන්නට පුලුවන්, ඒ අතර ඔබව රැවට්ටීමටද කාරණා යෙදෙන්න පුලුවන්, බුද්ධිමත් වන්න.
ගෘහ ජිවිතය තුල අඹුසැමි භේද, ආරවුල් ඇතිවිමට පුලුවන්. ඉවසීමෙන් කටයුතු කල යුතුයි. මේ තත්වය යථා තත්වයට පත් වන්නේ සතිය අගදීය.
සෞඛ්‍ය තත්වය ඇත්තටම යම් ගැටළුකාරි තත්වයක පවතින්නේ. ඔබ ප්‍රවේසම් විය යුතුයි, සියලුම ආබාධ කෙරෙහි.


● ධනු
එතරම් ශුභ නැති සතියක්.
මේ සතියෙදි විවිධ ආර්ථික වශයෙන් පාඩු ඇතිවෙනවා.
ඒ ගැන දැනුවත්ව අවබෝධයෙන් කටයුතු කරන්න. සතිය මුලදි තිබු ප්‍රබෝධය සතිය මැදට වන්නට වන්නට නැති වෙනවා. ඔබ අලුත් ව්‍යාපාර කටයුතු ආරම්භ කිරිම සුදුසු නැ මේ කාලයේ, ඉවසීමෙන් කටයුතු කරන්න.
ගෘහ ජිවිතය තුල ඔබගේ සිත් තැවුල් මානසික කරදර විපත්ති ඇතිවන්නට ඉඩ තිබෙනවා. ඒ ගැන අවබෝධයෙන් සිටින්න.
සෞඛ්‍ය ගැටළු ඇතිවන්නට පුලුවන්. ප්‍රබලව, ලග්න ඒරාෂ්ටක අපලය නිසා අනතුරු වලින් පරිස්සම් විය යුතුයි. නිදන්ගත රෝග ඇති අයද අවදානමත් වන්න.


● මකර
ඔබට මේ සතිය සමඵලයි.
සතිය මුලදි ඔබගේ දියුණුව සැලසෙනවා. ආර්ථික වාසි ඇතිවෙනවා.
කරන කියන කටයුතු සාර්ථක වෙනවා. එසේම ඔබට සතිය අගදී යම් යම් ආර්ථික අපහසුතා ඇතිවිමට පුලුවන්. නමුත් ඔබ සතිය මුලදි තීන්දු තීරණ අනුව වෙන්ස්
ගෘහ ජිවිතය යහපත්ව ගත වෙනවා. නිවසට අලුත් බඩුබාහිරාදිය මිලදි ගත හැක. යාන වාහන ආදියද මිලදි ගැනිමට සුභ සතියක්.
පවුලේ යහපත වෙනුවෙන් සුභ තීරණ ගන්නා ඔබ දරුවන් කෙරෙහිද විශේෂ අවධානයකින් පසු වෙනවා.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැ. සෙම් අමාරු ඇති අය පරිස්සම් වන්න. මේ දිනවල පතිත වන වර්ෂාවට ගොදුර වෙන්න එපා.


● කුම්භ
ඉතාම සුභ සතියකි.
ඉතාම කලකට පසු, සහජ දක්ෂතාවය සහ උප්පත්ති දක්ෂතාවය අනුව ජයග්‍රහණ ලැබේවි. ආර්ථිකය සතිය පුරාම සුබයි. නව දේපල ගැනිම් ව්‍යාපාර ඇරඹීම්, විශේෂ ධෛර්යයක් මේ සතියෙදි ලැබේවි.
 ගෘහ ජිවිතය තුල ඉතාම ප්‍රීතිමත්ව සිටිනවා.
සහෝදර සහෝදරියන්ගනේ මෙන්ම ඥාති මිත්‍රාදින් සමගද ඉතාම සහයෝගයෙන් සිටිනවා. විශේෂයෙන්ම ඔබ පවුලෙ ජනප්‍රිය කෙනෙක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම ඉතාම සුබ සතියකි.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැ. ඇති වුවොත් සෙම් අමාරු පමණයි.




● මීන
ඉතාම ශුභ සතියක්.
එසේම ඔබගේ කටයුතු ඉෂ්ට සිද්ධ වෙනවා. නව කටයුතු ආරම්භ කිරිමට ඉතාම ශුභයි. විදෙස් රැකියා කරන අයට, වෙලදාම් කරන අයට හොදයි. විශේෂ ගැටළු උපද්‍රව පෙනෙන්නෙ නැහැ.
ගෘහ ජිවිතය තුල ඉතාම සාමකාමි දිවි පෙවතක් අනුගමනය කරන්නට හැකියාව තියෙනවා. ඒ අතරතුර ඔබට මංගල යෝග උදා වෙනවා. අලුත් ඥාති හිතවත්කම් ඇතිවෙනවා. ඔබ ප්‍රීතිමත්ව සිටින කාලයක් බව සදහන් කල හැක.
සෞඛ්‍ය තත්වය ප්‍රබල ගැටළු නැහැ. ඔබ ප්‍රවේසම් විය යුත්තේ සෙම් අමාරු වලින් පමණයි.

Sunday, November 22, 2015

උත්සහය නිශ්ඵල වුවද අවමානයක් නොවන්නේය !

“ශ්‍රී කාන්තා තොමෝ උදක් උත්සාහවන්තයා කෙරෙහිම එළඹෙන්නීය, දෛව පිළිබඳ චේතනාව අත්හැර දමා උට්ඨාන වීර්යයෙන් යුක්තව උත්සාහවත් වන කල්හිම ඉෂ්ඨාර්ථ සංසිද්ධිය වන්නේය...
උත්සාහය නිශ්පල වුවද අවමානයක් නොවන හෙයිනි “..
- පංච තන්ත්‍රය

මේ කියමන කොයිතරම් සත්‍යයද කියල තේරෙන්න නම් ජිවිතේ යම් අත්දැකීම් ප්‍රමාණයක් තියෙන්න ඕන..

ඒවගේම මතක් වෙනවා Richest Man in Babylon/බැබිලෝනියාවේ ධනවත්ම මිනිසා කියන පොත ගැන.
ඒකෙ තියෙනවා,

“ වාසනාව උඩඟු දෙවඟනකි, - කම්මැලිව සිටින මහන්සි නොවන කිසිවෙකුට ඇය කිසිවක් දෙන්නේ නැත “ කියල...

ඉතින් මේ කියමන් 2ම එක්ක හිතුවම සෑහෙන්න ඇත්ත කියල හිතෙනව.. ජිවිත අත්දැකිම් අනුවම...

● තමන්ගෙ ජිවිතේට ඇති කරගන්න ඕන තත්වය ගැන කලින් හිතල, ඒ ගැන හොඳට කල්පනා කරලා ටික ටිකවත් ඒ වෙනුවෙන් ගමන යායුතුයි. එහෙම නැතිව රස්සාවක් ලැබෙන තුරු ඉන්නව නම්, කරන රස්සාවෙ පඩිය වැඩිවනකම් ඉන්න නම්, කරන කියන ව්‍යාපාරයේ ලොකු දියුණුවක් ඉබේ ඇතිවේවි කියල හිතාගෙන වැඩ කරනවා නම් එහෙම වෙන්න තියෙන ඉඩකඩ ඉතාම අඩුයි.

● නිතරම තමන් අනාගතයේදි පත්විය යුතු තත්වය ගැන අවබෝධයෙන්, කල්පනාවෙන් වැඩ කරන්න. ඒවගේම ඒ ගැන හිතන්න, ඒ සිහිනය හිතේ මවාගත්තට ඒකෙන් සතුටු වෙලා නිවරදිව ඒ වෙනුවෙන් වැඩ කලාට කිසි වරදක් වෙන්නෙ නැහැ.
* එහෙම කරද්දි සමහරවිට මුල් වතාවල උත්සහයන් අසාර්ථක වේවි.. ඒත් ආයෙත් උත්සහ කරන්න... එතකොට කලින් වතාවෙ අත්දැකිම් එක්කම වඩා හොඳින් වැඩ කරගන්න පුලුවනි.


#හිතල බලන්න - #ඉරු

Saturday, November 21, 2015

ජ්‍යොතිෂ්‍යය ජනතාව පාවිච්චි කල යුත්තේ කෙසේද ?

- ජ්‍යොතිෂ්‍යය බුද්ධ කාලෙටත් කලින් ඉදල තියෙනව.

අද තත්වය ගත්තම, අද ජ්‍යොතිෂ්‍යය භාවිතයේ ගැටළුවක් තියෙනවා. භාවිත කරන අය පටලවා ගැනීමක් තියෙනවා.
ජ්‍යොතිෂවේදියා කියන කෙනත්, භාවිත කරන ජනතාවත් මේක පටලවාගෙන තියෙනවා...

● බුදුරජාණන්වහන්සේ එක්තරා තැනක කියල තියෙනවා, ධර්මය සර්පයෙක් වගේ, අල්ල ගන්න ඕන වල්ගයෙන් නෙමෙයි, බෙල්ලෙන් කියල.
ඒකියන්නෙ ධර්මය උනත් නිසි විදියට භාවිත කරන්න ඕන.

* ජ්‍යොතිෂ්‍යයත් එසේමයි.
ජ්‍යොතිෂ්‍යයට අද පසුගිය කාලයේ සිදුවු සිද්ධීන් එක්ක අත්වෙලා තියෙන්නෙ එතරම් හොඳ තත්වයක් නොවෙයි.

● එතනදි එක දෙයක් තමයි මැතිවරණ අනාවැකි කියද්දි, තමන්ගේ පෞද්ගලික ලාභ ප්‍රයෝජන වෙනුවෙන් තමන්ගේ දැනුමට නිසි ගෞරවය නොදී එම තැනම වානිජකරණය කරා.. - ගැටළුව උනේ එතනයි.
(අප විසින් මහමැතිවරණයට අදාලව කියන ලද අනාවැකිය සහ, ජනාධිපතිවරණයට අදාලව ලබාදුන් ඉඟිය සාර්ථක වීම සතුටක් වන්නේ පෞද්ගලිකව අපට නොවෙයි, ජ්‍යොතිෂ්‍යයේ වටිනාකම ජනතාවට එත්තු යෑම තුලයි)

● ජ්‍යොතිෂ්‍යය අනාවැකි ඉදිරිපත් කරන විට, මධ්‍යස්ථ වෙන්න ඕන, පාරදෘෂ්‍ය භාවයකින් කියන්න ඕන, ගැති නොවෙන්න ඕන. අපි එහෙම ගැති වෙලා කරනවා නම් අප කරන්නෙ ජ්‍යොතිෂ්‍යයට හානියක්.
(මේක එක දෙයක් පහුගිය කාලෙ එක්ක සම්බන්ධ කරලා බලද්දි ජ්‍යොතිෂ්‍යයට අද වෙච්ච දේට සම්බන්ධව)

● දැන් වැහි මන්දරාමක් තියෙන වෙලාවක, ඔබ නිවසට යනවා නම් වැස්සක් එද්දි... ඔබ වැස්සෙන් තෙමෙන්න පුලුවනි.
කවුරුහරි ඔබට කියනවා කුඩයක් අරගෙන යන්න කියල.

- කුඩය අරගෙන ගියොත්, වැස්සොත් බේරෙනවා, අරන් නොගියොත් ගැටළුවක් ඇතිවෙනවා.
වැස්සකදී සිදුවන හිරිකඩ වැදීම ආදිය නැති වෙන්නෙ නැහැ. නමුත් අනවශ්‍ය බොහෝ කරදර ඇතිවෙන්නෙ නැහැ. යම් බලපෑමක් තිබෙනවා.

- අඳුරේ යන්නාට පහන් ටැඹක් ජ්‍යොතිෂ්‍යය කියන්නෙ.

- ජ්‍යොතිෂ්‍යය කියන්නෙ අඳුරේ යන්නාට පහනක්.

- ගඟකින් එතෙර වෙන්න පාලමක් වගේ දෙයක් තමයි ජ්‍යොතිෂ්‍යය කියන්නෙ, ඉතින් ඊට පස්සෙ පාලම කරගහගෙන යන්න උවමනා නැහැ.

● ජ්‍යොතිෂ්‍යය භාවිත කරලා, තමාගෙ තියෙන සමාජ, ආර්ථික, සංස්කෘතික දියුණුවක් පෙරලියක් ඇති කරගැනීමයි කල යුත්තේ - තමන්ගේ හොඳ කාල නරක කාල තෝරගෙන, ඒ හොඳ තව වැඩි දියුණු කරගන්න, තව කෙනෙකු හොඳ කරන්න. තත්වය අවබෝධය අරගෙන කටයුතු කිරීමයි කල යුත්තේ..

#ඉරු



පත්තිනි දේව මෑණියන් !

විශේෂ වශයෙන් ගුණ යහපත්කමට සිටින අයට, ස්ත්‍රි පාර්ශවයට උදව් කරන ගුණවන්ත දේව මෑණියන් කෙනෙකි.
සත් පත්තිනි මෑණිවරුම එසේය..
‪#‎ඉරු‬


දෙවිවරු වරම් දෙනවද

https://www.youtube.com/watch?v=2tRgEuk_O9c

Wednesday, November 18, 2015

ධනු ලග්න හිමියන් !



මේෂයෙන් පටන්ගන්නා ග්‍රහ රාශි වළල්ලේ 9වන රාශියේදි අපට ධනු ලග්නය මුණ ගැසෙයි.
මෙම ධනු ලග්නය විශේෂයෙන්ම ප්‍රභාශ්වර ලග්නයකි. මෙම ලග්නය අයත් වන්නේ දෙවියන්ගෙත් දෙවි වූ ගුරුන්ගෙත් ගුරු වූ සුරගුරු නම්වූ බ්‍රහස්පතිට ග්‍රහයාටය. එනම් බ්‍රහස්පතිට ලග්න නිවහන් 2ක් ඇත. එයින් එකක් ධනු ලග්නය වන අතර, අනෙක් ලග්නය මීන ලග්නයයි.

අග්නි රාශියක් වන ධනු ලග්නය, සොබාවයෙන් උභය රාශියකි.
නැගෙනහිර ක්ෂිතිජයේ ධනු ලග්නය උදාවන විට හදුනාගැනීම ඉතා පහසුය. අශ්ව කවන්ධයකට බද්ධ වූ, හැඩි දැඩි මනුෂ්‍යයෙක් ඉලක්කයට එල්ල කරගෙන සිටින දුන්නක් අතැතිව සිටින මෙම රාශිය ඉතාම බලවත් රාශියක් බව පුරාතන ඍෂිවරුන් හඳුන්වාදි තිබේ.


* මෙම ධනු රාශියට අයත් නක්ෂත්‍ර 3ක් ඇත.
එනම්, මුල නැකත, පුවසල නැකත සහ උත්‍රසල නැකතයි.
මෙම නැකැත් අයිති ධනු රාශිය උපත ලබන අය වාසනාවන්තය.

● ධනු ලග්නයේ ස්වභාවය අනුව,  නිතරම විචාරශීලි වූත්, මධ්‍යස්ථ ප්‍රබුද්ධ ගතිගුණ ඇතිවූත්, යම්කිසි ඉලක්කයකට වැඩ කිරිමට කැමති අයවලුන් වෙති.
මේ අය, හීන් නූලෙන් අඩියෙන් අඩිය තමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කර, විශිෂ්ඨත්වයට පත්වන්නෝ වෙති.
 දියුණු වීමේ උවමනාව හැකියාව ඇති ධෛර්යවන්ත අය වෙති. අන් අයට උදව් කිරීමට දන් දීමට කැමතිය. හදිසියේ කලබල වී වැඩ කරන අතර, තව විටෙක ඉවසිල්ලෙන් කල්පනාවෙන් වැඩ කරයි. ඇස් මදක් ඇතුලට ගිලී ඇත(ධනුර්දයා නිතරම දුන්නෙන් ඉලක්ක ගැනීමට දෑස කුඩා කරන නිසා)

● ඍජු, අවංක සිතුවිලි ඇත.
කරන ඕනෑම වැඩක් නිවරදිව උවමනාවෙන්, කල් නොයවා කරයි. එසේ කිරීමට උත්සහ ගනී.
අන් අය හා හිතවත් වුවද නොරැවටී, වංචාවලට හසු නොවී සිටීමට උත්සහ ගනි.
කුමන් කාර්යයක් වුවද ලොකුවට කිරීමට සිතයි. නිදහසේ සිටීමට කැමති අයි වෙති.
ඕනම දෙයක් කල හැකි යන විශ්වාස නිසා අපහසුදේ බාරගෙන කරදර පවා විඳී.
* අග්නි රාශි ත්‍රිත්වයේ එනම්, මේෂ සහ සිංහ හැරුනු විට ඒ රාශි 2ටම නැති, පරාර්ථ ස්වභාවයක්, ත්‍යාගිවන්ත ස්වභාවයක්, අන් අය වෙනුවෙන් කැප වෙන ස්වභාවයක් විශේෂයෙන්ම ධනු ලග්නයට ඇත.

● බොහෝවිට සංඝයා වහන්සේලා හා අන්‍ය ආගමික පූජකයන් වහන්සේලා, ඍෂිවරුන්, පඬිවරුන් මේ ලග්නයෙන් උප්පත්තිය ලබා ඇති බව අපෙගේ පර්යේෂණාත්මක ජ්‍යොතිෂ්‍යයෙන් දක්නට ලැබුනු දෙයකි.
නිතරම තම කටයුතු පසෙකලා, අන් අය වෙනුවෙන් තමන්ගේ කාලය, ශ්‍රමය මිඩංගු කිරිමට මොවුන් කැමතිය. එසේම කුඩාකල සිට නිවරදි සුචරිතවත් මාවතක ගමන් කිරිමත් මොවුන් සතු විශේෂිත ගුණයකි.

● ධනු ලග්නයේ අය විශේෂයෙන්ම අප පෙර සඳහන් කල පරිදි, බොහෝවිට උපදේශන වෘත්තියට සමර්ථකම් දක්වයි. විශ්ව විද්‍යාල ආචාර්යවරු, කථිකාචාර්යවරු, ගුරුවරු, නීති උපදේශකවරු, නීති සම්පාදනය කරන්නන් සහ තානාපති ධූර හොබවන්නන්, ප්‍රමුඛ පෙලේ දානපති ව්‍යාපාරිකයන් ධනු ලග්නයෙන් බිහි වී ඇත.
උසස් සංඝ පීතෘන්වහන්සේලාද මෙම ලග්නයෙන් ඉපදී ඇති බව අප දනිමු. ඕනෑම රැකියාවක් කිරිමේ විශේෂ සමර්ථකමක් මේ අය දක්වයි. එයට හේතුව සැමවිටම කිසියම් ආකාරයකට ඉලක්කයකට වැඩ කිරිමේ සුවිශේෂි හැකියාවක් මොවුන් තුල පැවතීමයි.
ඔබ සැම අඳුරන, ශ්‍රී ලංකා දේශපාලනයේ සිටින චරිතවත්, වටිනා දේශපාලනඥයෙක් වන ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාද ධනු ලග්නයෙන් උපන්නෙකි.
එතුමාත්, තමාගේ දේශපාලන දිවිය ඉලක්කගතව ඉදිරියට ගෙන ආ කෙනෙකි.

● ධනු ලග්නය හිමියන් බොහෝවිට, ප්‍රේම සම්බන්ධතා ඉතාම ගෞරවාන්විත ආකාරයකට පවත්වාගෙන යෑමට කැමති පිරිසකි.
ගුරු ග්‍රහයාට අයත් රාශියක් නිසා, ධනු ලග්නයෙන් උපන් අය තමාගේ පෙම්වතියට, පෙම්වතාට ගෞරවාන්විත සෙනෙහෙවන්තභාවයක් දක්වයි.
කෙනෙකුගේ සිත් රිදවීමට අකමැති ධනු ලග්න කරුවන්, ප්‍රේම සම්බන්ධයක් බිඳී ගියහොත් එයින් දැඩි මානසික ලතැවුලකට පත්වෙයි.

* ප්‍රේමය සහ විවාහය ඉන්පසුව ගත කරන යුග දිවිය ආශ්‍රිතව කල්පනා කොට බැලුවොත්, ධනු ලග්න කරුවෙක් විවාහ කරගන්නා අය ඉතාම වාසනාවන්ත අය බව කිව යුතුයි.
බොහෝවිට ධනු ලග්න හිමියන්ට විවාහ වීමට ලැබෙන්නේ, ඉතාම හුරුබුහුටි අයවය.
කෙලි කවට සිනාවෙන් සහ මිහිරි තෙපුලෙන් කතා කරන, රුවැති භාර්යාවක් එසේම ගුණවන්ත ස්වාමියෙක් ලැබීමේ භාග්‍ය ධනු ලග්න ස්ත්‍රි-පුරුෂ දෙපක්ෂයටම ලැබේ.
* ධනු ලග්න හිමියන්ට විවාහ කරගැනීමට සුදුසුම ලග්න වනුයේ, ධනු, කුම්භ, මීන, මේෂ, මිථුන, සිංහ, කන්‍යා, ලග්නයි. තුලා ලග්නය මධ්‍යස්ථ වශයෙන් ගැලපේ(පොදු කරුණුය, කේන්දරය අනුව තීරණය වේ)
ප්‍රේමය පමණක් නොව ශෘංගාරය පමණක් නොව මෙයට එහා ගිය දැඩි මානුෂීය තත්වයක් ධනු ලග්න කේන්දර තුලින් විද්‍යාමාන වේ.

● පංච පුරුෂ යෝග හැරුනුවිට අනෙකුත් අවශේෂ යෝග අතර බැලූ කල “ධර්මකර්මාධිපති රාජ යෝගය“ හොදම විදියට යෙදෙන්නේ ධනු ලග්නකරුවාටය.
එසේ නම් 9 සහ 10 අධිපතීන් කේන්දරස්ථානයක යෙදීමයි.


● ධනු ලග්නය බ්‍රහස්පති/ගුරුට අයත් නිසා ධනු ලග්න හිමියන් බොහෝවිට උපරිම ආයුෂ වින්දනය කරන බව අප අත්දැක ඇත්තෙමු.
ගුරු ග්‍රහයා ලග්නයේ බලවත්ව හෝ ලග්නයට ශුභ බලයක් එල්ල කරන විට, 8 අධිපති සහ ලග්නයට පාපී සිකුරු පාපපීඩිත නොවේ නම්, ධනු ලග්නයේ අය බොහෝවිට වයස අවුරුදු 90 ඉක්මවා ආයු වැළදීමේ භාග්‍යය ඇති අය වෙති.

_ දුර්වලතා _

දූරදර්ශි නොවීම, පෞද්ගලික වූ ප්‍රශ්න ගැන නොසිතා අන් අයට උදව් උපකාර කිරීමට ගොස් අමාරුවේ වැටීම. අනවශ්‍ය දේවල් කතා කිරීමට ගොස් අමාරුවේ වැටීම. දෙබිඩි ප්‍රතිපත්ති නිසා ධනු ලග්න අයට අවාසි වීමට ඇත්තේ මහත් ඉඩකඩකි.


* ශුභ වර්ණයන් - ලා කොළ පාටයි. එනම් ගිරවාගේ පාටයි.

* ශුභ අංක - 1, 2, 3, 5, 9

* ශුභ දින - බදාදා, බ්‍රහස්පතින්දා, ඉරිදා, භූමි ආශ්‍රිත කටයුතු වලට අගහරුවාදාද හොදයි.


- මේ සියල්ල පොදු කරුණු වන අතර, පොත් පත් වලින් අටවා දමන කරුණු නොව, අපගේ පර්යේෂණාත්මක ජ්‍යොතිෂ්‍යය තුලින් තහවුරු වූ කරුණුය. කේන්දර සටහන අනුව මේ කරුණු වෙනස් විය හැක.