Friday, December 12, 2025

➜ 7 වැන්නේ ඉන්නෙ කවුද ?





(7 වැන්නේ සුභ ග්‍රහයෙක් සිටියාට පමණක් ඵලක් නැත. 7 වැන්නාධිපති, 7 වැන්නට යෙදෙන දෘෂ්ඨීන්, ඇති යෝග මෙන්ම අදාල නැකැත්, සූක්ෂම කේන්දරය අනුව අංශක කලා විග්‍රහයකින් මිස විවාහය සහකරු ගැන නිවරදිවම කීමට නොහැකිය.

නිසා පොදු කරුණු යොදන්නේ වටහා ගැනීමේ පහසුව පිණිසය)

-


 රවි 7 

ආඩම්බර වීම, අහංකාර වීම, ස්වාමියාට බිරිඳට යටහත් පහත් නොවන ගතිය.

-


සඳු 7 

සඳු පුර පක්ෂයේ නම් ඉතාම රූමත් ගුණවත් බිරිඳක් ලැබීම. අව පක්ෂයේ නම් එයට ප්‍රතිවිරුද්ධ ප්‍රතිපල ලැබීම.

-


කුජ 7 

මනා දේහ ශක්තියක් හිමි සහකරුවෙක්/සහකාරියක් සිටිම.

පුරුෂයෙකුගේ 7 වැන්නේ කුජ 7 නම් පුන් පියයුරු ඇති බිරිඳක් ලැබේ. 

ස්ත්‍රියකගේ වේනම් ශක්තිමත් පුරුෂයෙකු ලැබේ. නමුත් දබර ඇති කරගනී.

-


බුධ 7

උගත් බුද්ධිමත් සහකරුවෙකු සහකාරියක ලබයි. 

කෙසේ වෙතත් බුද ග්‍රහයා 7 සිටිම සමස්තයක් ලෙස හොඳයි.

-


ගුරු 7

දේපල ඉඩකඩම් සහ ප්‍රඥාවන්ත බිරිඳක් ස්වාමියෙක් ලැබීමට හේතුයි. නමුත් ලිංගිකත්වයට ඇති ආශාව එපාවිමට ඉඩ තිබේ.

-


සිකුරු 7 

ඉතාම ශුභයි. එයට හේතුව ඔහුට අවශ්‍ය සියලුම කරුණු කාරනා එම ස්ථානයේ ඇති බැවිනි.

-


ශනි 7 

බොහෝ ගැටළු ඇතිවිමට හේතුවකි. නමුත් බලවත් ශනි එවන් ගැටළු ඇති නොකරයි.

-


රාහු 7

සුභ නැත. අනියම් භාර්යාවන් සොයා යා හැක. අධික වූ කාමාශාවක්ද වේ.

-


කේතු 

 ශුභ නැත. එම පුද්ගලයාගේ අනිකුත් ග්‍රහයෝග දුර්වල නම් ලිංගික ශක්තිය බිංදුවටම බස්සවයි.

-

 පොදු කරුණුය - #ඉරුසේවය 

-

කේන්දරයේ සම්පූර්ණ විස්තරය, දෝෂ ආදියට කල යුතු පින්කම්,

යන්ත්‍ර - ආභරණ, නිවසට පැමිණ සිදු කරන වාස්තු පරික්ෂාව

ඇතුළු සියලුම සේවාවන්


irusewaya@gmail.com

071 383 5369

(WhatsApp)


#irusewaya #srilanka #astrologysrilanka