(7 වැන්නේ සුභ ග්‍රහයෙක් සිටියාට පමණක් ඵලක් නැත. 7 වැන්නාධිපති, 7 වැන්නට යෙදෙන දෘෂ්ඨීන්, ඇති යෝග මෙන්ම අදාල නැකැත්, සූක්ෂම කේන්දරය අනුව අංශක කලා විග්රහයකින් මිස විවාහය සහකරු ගැන නිවරදිවම කීමට නොහැකිය.
ඒ නිසා පොදු කරුණු යොදන්නේ වටහා ගැනීමේ පහසුව පිණිසය)
-
❌ රවි 7
ආඩම්බර වීම, අහංකාර වීම, ස්වාමියාට බිරිඳට යටහත් පහත් නොවන ගතිය.
-
✅ සඳු 7
සඳු පුර පක්ෂයේ නම් ඉතාම රූමත් ගුණවත් බිරිඳක් ලැබීම. අව පක්ෂයේ නම් එයට ප්‍රතිවිරුද්ධ ප්‍රතිපල ලැබීම.
-
✅ කුජ 7
මනා දේහ ශක්තියක් හිමි සහකරුවෙක්/සහකාරියක් සිටිම.
පුරුෂයෙකුගේ 7 වැන්නේ කුජ 7 නම් පුන් පියයුරු ඇති බිරිඳක් ලැබේ.
ස්ත්‍රියකගේ වේනම් ශක්තිමත් පුරුෂයෙකු ලැබේ. නමුත් දබර ඇති කරගනී.
-
✅ බුධ 7
උගත් බුද්ධිමත් සහකරුවෙකු සහකාරියක ලබයි.
කෙසේ වෙතත් බුද ග්‍රහයා 7 සිටිම සමස්තයක් ලෙස හොඳයි.
-
✅ ගුරු 7
දේපල ඉඩකඩම් සහ ප්‍රඥාවන්ත බිරිඳක් ස්වාමියෙක් ලැබීමට හේතුයි. නමුත් ලිංගිකත්වයට ඇති ආශාව එපාවිමට ඉඩ තිබේ.
-
✅ සිකුරු 7
ඉතාම ශුභයි. එයට හේතුව ඔහුට අවශ්‍ය සියලුම කරුණු කාරනා එම ස්ථානයේ ඇති බැවිනි.
-
❌ ශනි 7
බොහෝ ගැටළු ඇතිවිමට හේතුවකි. නමුත් බලවත් ශනි එවන් ගැටළු ඇති නොකරයි.
-
❌ රාහු 7
සුභ නැත. අනියම් භාර්යාවන් සොයා යා හැක. අධික වූ කාමාශාවක්ද වේ.
-
❌ කේතු
ශුභ නැත. එම පුද්ගලයාගේ අනිකුත් ග්‍රහයෝග දුර්වල නම් ලිංගික ශක්තිය බිංදුවටම බස්සවයි.
-
පොදු කරුණුය - #ඉරුසේවය
-
කේන්දරයේ සම්පූර්ණ විස්තරය, දෝෂ ආදියට කල යුතු පින්කම්,
යන්ත්‍ර - ආභරණ, නිවසට පැමිණ සිදු කරන වාස්තු පරික්ෂාව
ඇතුළු සියලුම සේවාවන්…
irusewaya@gmail.com
071 383 5369
(WhatsApp)
#irusewaya #srilanka #astrologysrilanka